Thursday, August 1, 2019

ආයෙමත් රිවස්ටන් වලට 


                                             මේ ට්‍රිප් එක ගැන සරලවම කියන්නම් මොකද වැඩි හාවක් හූවක් නැතුව ඔහේ ලෑස්ති වෙලා ක්ෂණිකව ගියපු ගමනක්. සෙට් එකේ පෝරිසාදයො දෙතුන් දෙනෙකුට එන්න බැරි උනත් ශේප් එකේ සෙන්ටිමෙන්ටල් වෙලා අඩුම කුඩුම අමුණගෙන ඔන්න .. 😀 කොහොම හරි රිවස්ටන් ගියා ඒ හවස හයට විතර පස්සෙ අපේ නවාතැනට සෙට් වෙලා කට්ටිය චූටිවට  රෑ ගිනිමැලයකුත් ගහන් සුපිරි ෆන් එකක් ගත්තා පස්සෙ හෙමීට බඩු ටික අස් කරලා නින්දට ගියා හරිම ඇගට අමාරුවක් තිබ්බෙ මොකද කිලෝ  මීටර් එකසිය පනහකටත් වැඩිය අපේ පස්සවල් තිබ්බෙ බයික් එක උඩ නිසා.

උදේ පාන්දර සැප නින්දකින් පස්සෙ අපේ උයන කොල්ලා පුලා දඩ නූඩ්ල්ස් එකක් හැදුවා හම්මේ ඒකෙ රස ඊට පස්සෙ ඒක පැයක් විතර ඉදලා කාලා උදේම යං කියපු උන්දැලැ ආවෙ අටට විතර එහෙම්ම බඩු ටිකත් පැක් කරන් රිවස්ටන් ගියා. ටවර් එකට යන්න වෙලා තිබ්බෙ නැති නිසා කට්ටිය එක්ක පිටවල පතනට ගියා ඒ ගිහින් චූටි කැමරාවෙන්  වෙහෙන් මෙහෙන් ෆොටෝ ටිකක් ගහ ගත්තා එතනට පැය එකහමාරක් දෙකක් විතර දීලා අපි සෙට් එක හෙමීට ගියා සේර ඇල්ල බලන්න ඉලුක්කුඹූර පාරෙන් වමට හැරිලා කිලෝ මීටර් නමයක් ගිය තැන අපිට සේර ඇල්ල හම්බෙනවා අපි යනකොට වතුර ඒ තරම් තිබ්බෙ නෑ සාමාන්‍ය ගානකට වගේ තිබ්බා. කට්ටිය නාවන්න මට එතන ශුවර් එකක් තිබ්බෙ නැති නිසා. සේරා ඇල්ලෙන් පස්සෙ ඔක්කොම එකතු කරන් පොඩි දොලකට ගියා ඒක තිබ්බෙ මොරගහකන්දට යන පාරෙ අතුරු පාරක් දිගේ, ඒ පාරෙන් තමා දූවිලි ඇල්ලට යන්නෙ ඒකෙ මගක් ගිහින් කට්ටිය නෑව්වා නිශාන්තයා නෑවෙ නෑ ඌ බයවෙල එතනිනුත් ඌට හූ කිව්වා කට්ටියම නාවගෙන පුලාවත් ඔබාගෙන අපි මොරගහ කන්ද ඩෑම් එකත් බලාගෙන අතරමග වෙලක් ලග පොට් එකකින් හොදට කෑවා. ඊට පස්සෙ කට්ටිය එක්කම එහෙම්ම  එන්න පිටත් වුනා නාවුල හරහා මාතලේට එනකොට කොහොමත් හවස 5.30 විතර උනා මට ගෙදර නවතින්න වුනා අනික් එවුන් ආවා පස්සෙ අපි සෙට් වෙන අපේ පොට් එකට ආවට පස්සෙ ගමන ගැන කට්ටිය හොද කිව්වා නඩේ ගුරා විදිහට මට ඒක මාරම ලල් එකක් ඒ දවස් ටිකේ හෙන ගැම්මෙන් හිටියා. ආයෙත් යන්න ඕන හොද ගමනක් කට්ටියත් එක්කම.
                                                 

























Wednesday, July 18, 2018

කැලෑ බොක්කට ස්කූටර් සවාරියක්

                             
මේ ගමන ගැන කිව්වොත් අපි කිසිම පෙර සුදානමක් නැතුව ගිය ගමනක් ස්කූටර් දෙකක් එක්ක අපි හතර දෙනා උදේ පාන්දරම අඩුම කුඩුම ටික සෙට් කරගෙන ගම්න යන පිටත් උනා. මාතලේ ඉඳන් නුවර පාරෙ 2km  විතර එනකොට වම් පැත්තට ඇල්කඩුව යන පාර හම්බවෙනවා එතන ඉදන් 45km විතර වට රවුමක් තියනවා කැලෑ බොක්කට ඒ පාර දුර උනාට ලස්සන තැන් ගොඩක් අතර මගදි අපිට දකින්න පුලුවන්.
                                            කැලෑබොක්ක අයිති වෙන්නෙ මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කැලෑබොක්ක වසමේ මේ පැත්තෙ ගොඩක් ගැමියො තම ජීවන වෘත්තීය විදිහට කරන්නෙ තේ වතු වලත් තේ කර්මාන්තශාලා වලත් වැඩ වගේම එනසල් වගාවත් කරගෙන යන එක.. ඒ පැත්තෙ ඇවිදිනකට ඒ අයගෙ දෛනික ජීවන රටාවත් අඩු පහසුකම් වලින් පිරිච්ච දුශ්කර ජීවන රටවත් හොදින් දැක ගන්න පුලුවන්.
                                             කොළඹ ඉදලා කැලෑ බොක්කට එනවනම් කටුගස්තොට හරහා ඇවිත් වත්තේගම ටවුන් එකෙන් පන්විල පාරට එන්න ඕන එතන ඉදලා 12km වගේ ගිහාම කැලෑබොක්කට එන්න පුලුවන් කැලෑබොක්කෙ තියන විශේෂත්වය තමා සානුවක තියන අංශක 360 දර්ශන පථය මේ ඉසව්වට තේ වතු මැදින් රළු පාරක තමා යන්න වෙන්නේ ඒතරම් අමාරුවක් නැතුව පොඩි වාහනයකින් හරි බයික් වලින් යන්න පුලුවන් අපි නම් ගියෙ ස්කූටර් වලනෙ ... කොහොමත් අපි ඒ තැනට ලං වෙනකොට වටේම බලන්න බැරි තරම් දුරට මීදුම ඇවිත් තිබුනා කොහොම නමුත්  ඒ ගමනෙ තිබුනු ලස්සන නම් පොඩ්ඩක්වත් අඩු වෙලා තිබුනෙ නෑ
     ඔය හැමෝම කැලැබොක්කට යන්න ඉන්නවනම් ඔයාල ඒ පරිසරයට පොලිතින් ප්ලාස්ටික් අරන් යන්න එපා මොකද තැනක් ප්‍රසිද්ධ කරාම  ඒ තැන විනාස කරන අය වැඩියි.එහෙනම් ඉතින් ම්මම නවතින්නම් ආයෙ මේ වගෙ ලස්සන තැනකදි  අපි හම්බවෙමු ගිහින් එන්නම් සුභ දවසක්...!