ආයුබෝවන්! බ්ලොග් එකට ආව ඔයාලා හැමෝටම...
ජීවිතය ගැන අපි හැරිලා බැලුවාම එක එක වයස් කාණ්ඩ වල අයට වෙනස් වෙනස් අත්දැකීම් ඇති සමහරු ජීවිතේ ගෙවන්නෙ ඒකාකාරී රටාවකට තවත් සමහරු ජීවිතය විදිනවා අනෙක් අය ජීවිතය විඳවනවා මේ හැමදේම හිතේ දරාගෙන ජීවිතයටත් ආත්මයටත් තෘප්තියක් දෙන්න පුලුවන්න්ම් ඒක තමා ජීවිතේ හොඳම දෙය වෙන්නෙ.
ගොඩක් දෙනෙක් ජීවිතයෙ තනිකම කාන්සිය මකා ගන්න විවිධ විනෝදාංශ වල නිරත වෙනවා ඇවිදින එකත් ඒ වගේ ට්‍රැවලින් කියන මාතෘකාවත් එක්ක කතා කරන කරනකොට වර්තමානයේ වෙනකොට ගොඩ දෙනෙක් ට්‍රැවල් කරන්න පෙළඹිලා තියන නිසා අපේ රටේ තියන සුන්දරත්වය ජාත්‍යන්තරයට ගෙන යාමත් බෙහෙවින් සාර්ථක වෙලා තියනවා..
ට්‍රැවල් කරන එක ගැන ගොඩ දෙනෙක් හිතන් ඉන්නවා මේකට හොඳම කැමරාවක් ඒ වගේම වාහනයක් හරි බයික් එකක් හරි තියෙන්න ඕන කියලා. ඇත්තම කිව්වොත් බයික් එකක් හරි වාහනයක් තිබ්බොත් හරි අපිට වෙලාව ඉතුරු කරගන්න පුලුවන් මේ කියපු දේවල් නැති උනා කියලා කිසිම ගැටළුවක් නෑ මොකද ඇවිදින්න යන්නෙ ඔයා නම් ඒ සුන්දරත්වය විදින්නත් ඕන ලස්සන
තැනකට ගිහින් මුලින්ම ඔයාගෙ ඇස් වලින් ඒ සුන්දරත්වය විඳගන්න ඊට පස්සෙ කැමරා කාචයෙන් ඒ සුන්දරත්වය සටහන් කර ගන්න මේවට හොඳම උපකරණ ඕන නෑ මට තියෙන්නෙත් ජංගම දුරකථනයෙ කැමරාවක් විතරයි කොයි තරම් වටිනාකමින් වැඩි කැමරා තිබුනත් වැඩක් නෑ එකට හොද ඇහැක් තියෙන්නත් ඕන ඉතින් ඇවිදින ඔයාලටත් ඇවිදින්න හිතන් ඉන්න අයටත් කියන්නෙ පුලුවන් තරම් කාලය වෙන් කරන්න ඔයාලගෙ හිතේ නිදහසටත් එතකොට ජීවිතය තවත් ලස්සන වෙයි.. ඇවිදින්න හැම තැනම හැබැයි පොලිතින් ප්ලාස්ටික් දාලා ඒ තැන් විනාස කරන එපා ඉතුරු කරන්න ඔයාලා ඇවිදපු තැන් වල පිය සටහන් විතරක් අනාගත පරම්පරාවටත් ඒ සුන්දරත්වය විදගන්න ඉඩ තියන්න එතකොට තවත් මේ ලෝකය ලස්සන වෙයි..
ඉතින් මං කියපු දේවලුත් හිතේ තියන් විඳින්න මේ ජීවිතය ජීවත් වෙන්න ලස්සනට හැමෝටම ලස්සන දවසක් වේවා...
No comments:
Post a Comment