තස්මේනියානු යක්ශයා
තස්මේනියානු
යක්ශයා යනු Dasyuridae පවුලෙ මාංශ භක්ශකයෙකි.
ඕස්ට්‍රේලියාවට ආවේණික මෙම සත්වයා වර්තමානයේ වන විට තස්මේනියානු දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පමණක්
දැකිය හැක
ප්‍රමාණයෙන් කුඩා සුනඛයෙකු තරම් වන මොවුන් 1936 දී ටයිලෑසීන් වඳ වී
යෑමෙන් පසු ලෝකයේ විශාලතම මාංශ භක්ශකයන් විය.මොවුන් ටයිලෑසීන් (thylacine) හා quolls
සතුන්ට සමාන
සම්බන්ධතාවයක් දක්වයි.
තස්මේනියානු යක්ශයාගෙ අස්ථි මාංශ පේශී වලින්
හා කලු ඝණ ලොම් වලින් වැසී පවතී. ඉතා ඝෝෂාකාරී
තීව්‍ර හඩක් හිමි මෙම සතුන් හට තියුණු
ඉවක්ද ඇත.මොවුන්ගේ හිස සහ විශාල බෙල්ල
මගින් පරිසරයේ සිටින ඕනෑම කුඩා සතුන් විලෝපිකයන් ගොදුරු කර ආහාරයට ගැනීම සඳහා මනාව
හැඩ ගැසී ඇත. වර්තමානයේ
තර්ජනයට ලක්ව ඇති මෙම සත්ව විශේෂය තස්මේනියාවේ මිනිස්වාසය ඇති ගෘහාශ්‍රිත ස්ථාන වල
සැරිසරමින් ආහාර ලබා ගැනීමට පෙළඹී ඇත.
සාමාන්‍යයෙන් ගත් කල තස්මේනියානු යක්ශයා
තනිව සිටීමට වැඩි කැමැතක් දක්වය. තමන්ට අයත් වාසභූමිය මලපහ කොට වෙන්කර ගැනීම
සිදුකරන මොවුන් දවසේ මැද භාගයේදී ක්‍රියාත්මක වෙයි උනුසුමට ඉතාමත් ප්‍රිය කරන
යක්ශයන් ඉතා වේගවත් මෙන්ම දරාගැනීමේ හැකියාවෙන් යුතු වේ...
ගස් නැගීමට හා ගංගා හරහා පිහිනීමටත්
දක්ශකමක් කමක් දක්වන තස්මේනියානු යක්ශයින් ඒකාධීකාරී නොවන අතර ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය
ඉතාමත් ශක්තිමත් හා තරඟකාරී වේ.පිරිමි සතුන් තම සහකාරිය තෝරාගනීමට අනෙක් පිරිමි
සතුන් සමග සටන් කරයි ඉන් පසු ඔවුන්ගෙ සහකාරියන් අනාචාරයේ හැසිරීම වැලැක්වීමට
යක්ශයින් තමන්ගේ සහකාරිය ආරක්ශා කරයි. මේ සතුන්ගේ සංවාස සමයේදී ගැහැණු සතුන්ට සති
කිහිපයකට තුන් වතාවක් පමණ ඩිම්බ මෝචනය සිදු වේ.මේ සමයේදී අවුරුදු දෙකක් වයසැති
ගැහැණු සතුන්ගෙන් 80% ගර්භනීව පසුවෙන අතර
තස්මේනියන් යක්ශයන්ගේ ගැහැනු සතුන්ගේ ගහණයෙන් සමාන්‍යයක් ලෙස ගැහැණු සතුන් සිව්
දෙනෙකු සතු තුනක ගර්භනී කාලයෙන් පසු පැටවුන් 20ත් 30ත් අතර සංඛ්‍යාවක් බිහි කරයි.අලුත උපන්
පැටවුන් ලොම් නෙමැති රෝස පැහැ මාංශ කැබලි වැනියි. උපතේදී මොවුන්ගේ බර ග්‍රෑම් 0.20 හා ග්‍රෑම් 0.70 ත් අතර වේ.. මව්
ගේ පැසෙහි තන පුඩු හතරක් ඇත මේ කාලය තුලදී පැටවුන් ඉතා බිහිසුණුය,මක් නිසාද යත් මව් කිරි උරා බීමේදී
ශක්තිවන්තයින් හට දිගු කලක් ජීවත් වීමට හැකියාවක් ඇති නිසා බිළිදුන්ගෙන් කීප
දෙනෙකු දිවි රැක ගනී.
කුඩා පැටවුන් ඉතා ඉක්මනින් වැඩෙන අතර දින 100 කින් පසුව ඔවුන් ස්වාධීන වේ. මේ ආකාරයට
ගැහැණු සත්වයන් ඇගේ ජීවිත කාලයෙන් වැඩි වසරක් ළදරු උපත් හා පෝෂණ ක්‍රියාවලීන් සඳහා
වැය කරයි.
1990 වර්ෂයේ අග භාගය වන විට තස්මේනියානු
යක්ශයාගෙ මුහුණා ආශ්‍රිත පිළිකා රෝගය devil facial tumour disease (DFTD) හේතුවෙන් යක්ශ ගහණය ඉතා සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර 2008 වර්ශයේදී මොවුන් වඳ වී යන සත්තයන් ලෙස රතු
ලයිස්තුවට ඇතුලත් කිරීමට කටයුතු යෙදිණි.
රෝගය නිසා හුදකලා වූ සෞඛ්‍ය සම්පන්න යක්ශයන් මගින් ගහනය වර්ධනය කිරීම
සඳහා තස්මේනියානු රජය ඇතුලු ජාත්‍යන්තර
සංවිධාන විවිධ වැඩසටහන් ක්‍රියාතමක දැනටත් කර ඇත. මහා මාර්ගයේ රථ වාහන අනතුරු
හේතුවෙන්ද තස්මේනියානු යක්ශයින්ගෙ ගහණය අඩු විමට හේතු සාධකයක් වී ඇත.
කෙසේ වෙතත් තස්මේනියාවේ සංස්කෘතිය මනාව විහිදාපාන මෙම සත්වයා ස්වකීය දේශයේ විවිධ සංවිධාන වල සංකේතය ලෙසද බාවිතා කරයි තස්මේණියාවේ සංචාරක කර්මාන්තයේ වැදගත්ම ආකර්ශණයක් ලබා ගැනීමට තස්මේනියානු යක්ශයන්ට හැකි වී ඇති අතර ලෝකප්‍රකට ලූනි ටියුන්ස් කාටුන් චරිතය හරහා ලොව පුරා වැසියන්ගේ ආදරයට පාත්‍ර විය. ඕස්ට්‍රේලියාවේ තස්මේනියානු යක්ශයන් සුරැකීමේ වැඩසටහන යටතේ ලොව පුරා සත්වෝද්‍යාන වලට මෙම සතුන් බෝ කර යැවීමට වර්තමානයේ ඕස්ට්‍රේලියානු රජය කටයුතු යොදා ඇත.
![]() |
| thylacine |
![]() |
| quolls |
![]() |
| තස්මේනියානු යක්ශයා |




No comments:
Post a Comment