Wednesday, July 18, 2018
කැලෑ බොක්කට ස්කූටර් සවාරියක්
මේ ගමන ගැන කිව්වොත් අපි කිසිම පෙර සුදානමක් නැතුව ගිය ගමනක් ස්කූටර් දෙකක් එක්ක අපි හතර දෙනා උදේ පාන්දරම අඩුම කුඩුම ටික සෙට් කරගෙන ගම්න යන පිටත් උනා. මාතලේ ඉඳන් නුවර පාරෙ 2km විතර එනකොට වම් පැත්තට ඇල්කඩුව යන පාර හම්බවෙනවා එතන ඉදන් 45km විතර වට රවුමක් තියනවා කැලෑ බොක්කට ඒ පාර දුර උනාට ලස්සන තැන් ගොඩක් අතර මගදි අපිට දකින්න පුලුවන්.
කැලෑබොක්ක අයිති වෙන්නෙ මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කැලෑබොක්ක වසමේ මේ පැත්තෙ ගොඩක් ගැමියො තම ජීවන වෘත්තීය විදිහට කරන්නෙ තේ වතු වලත් තේ කර්මාන්තශාලා වලත් වැඩ වගේම එනසල් වගාවත් කරගෙන යන එක.. ඒ පැත්තෙ ඇවිදිනකට ඒ අයගෙ දෛනික ජීවන රටාවත් අඩු පහසුකම් වලින් පිරිච්ච දුශ්කර ජීවන රටවත් හොදින් දැක ගන්න පුලුවන්.
කොළඹ ඉදලා කැලෑ බොක්කට එනවනම් කටුගස්තොට හරහා ඇවිත් වත්තේගම ටවුන් එකෙන් පන්විල පාරට එන්න ඕන එතන ඉදලා 12km වගේ ගිහාම කැලෑබොක්කට එන්න පුලුවන් කැලෑබොක්කෙ තියන විශේෂත්වය තමා සානුවක තියන අංශක 360 දර්ශන පථය මේ ඉසව්වට තේ වතු මැදින් රළු පාරක තමා යන්න වෙන්නේ ඒතරම් අමාරුවක් නැතුව පොඩි වාහනයකින් හරි බයික් වලින් යන්න පුලුවන් අපි නම් ගියෙ ස්කූටර් වලනෙ ... කොහොමත් අපි ඒ තැනට ලං වෙනකොට වටේම බලන්න බැරි තරම් දුරට මීදුම ඇවිත් තිබුනා කොහොම නමුත් ඒ ගමනෙ තිබුනු ලස්සන නම් පොඩ්ඩක්වත් අඩු වෙලා තිබුනෙ නෑ
ඔය හැමෝම කැලැබොක්කට යන්න ඉන්නවනම් ඔයාල ඒ පරිසරයට පොලිතින් ප්ලාස්ටික් අරන් යන්න එපා මොකද තැනක් ප්‍රසිද්ධ කරාම ඒ තැන විනාස කරන අය වැඩියි.එහෙනම් ඉතින් ම්මම නවතින්නම් ආයෙ මේ වගෙ ලස්සන තැනකදි අපි හම්බවෙමු ගිහින් එන්නම් සුභ දවසක්...!
Subscribe to:
Posts (Atom)
-
මේ ගමන ගැන කිව්වොත් අපි කිසිම පෙර සුදානමක් නැතුව ගිය ගමනක් ස්කූටර් දෙකක් එක්ක අපි හතර දෙනා උදේ පාන්දරම අඩුම ක...
-
ආයෙමත් රිවස්ටන් වලට මේ ට්‍රිප් එක ගැන සරලවම කියන්නම් මොකද වැඩි හාවක් හූවක් නැතුව ඔහේ ලෑස්ති...











